නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
රාජ්‍ය සේවය කාර්යාක්ෂම සේවයක් බවට පත් කිරිමට රජය කොතෙක් උත්සහ දැරූවද ඉකුත් රජය සමයේ සේවය කළ ආකාරයටම දැනටත් සේවය කරන නිළධාරියෙකු නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිරතව සිටින බවට එම කාර්යාලයේ සෙසු සේවකයින් කියා සිටියි.
එම නිළධාරියා සතියට දින දෙකක් පමණක් කාර්යාලයේත් සතියට දින තුනක් ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වන බව පවසමින් කාර්යාලයට ආසන්නයේ පිහිටි ඔහුගේ නිවසේ රැදී සිටිමින් ඔහුගේ පෞද්ගලික වැඩ කටයුතු සිදු කරමින් රජයේ වැටුප් ලබන බවයි සේවකයින් කියා සිටියේ.
එම නිළධාරියා සිදු කරන ක්ෂේත්‍ර රාජකාරි සම්බන්ධයෙන් කාර්යාලභාර ප්‍රධානීයා හෝ අංශභාර ප්‍රධානීයා කිසිදු අධීක්ෂණයක් නොකිරීම හමුවේ එම නිළධාරියා ක්ෂේත්‍ර රාජකාරි යන බව පවසමින් තම නිවසේ සිට අමතර ආදායම් සේවිමේ කාර්යන්වල නිරතව සිටින බවත් ඔහු හැටන් ප්‍රදේශයේ සමිති සමාගම් කිහිපයක තනතුරු දරණ බැවින් එම තනතුරුවලට අදාල රැස්වීම් වලට ක්ෂේත්‍ර රාජකාරිවල නියැලෙන දිනවලදී සහභාගි වන බවයි එම නිළධාරින් වැඩි දුරටත් කියා සිටින්නේ.
අප මේ සම්න්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස් නිළධාරියෙකුගෙන් කල විමසුකට ඔහු කියා සිටියේ, තමන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එක් විමට ප්‍රථම ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කාලයේද ඔහු සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් වෙත ලැබුණ බවත්ය.
එම නිළධාරියා මේ වන විට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණ ක්ෂේත්‍ර රාජකාරි පැවරී ඇති දින වල පෞද්ගලික වැඩ කටයුතුවල නිරතව සිටිම සම්බන්ධයෙන් එම අංශභාර නිළධාරියා දැනුවත් කිරිමට අවශ්‍ය කටයුතු කරන බවයි.
තම කාර්යාලය මගින් ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් සිදු කරමින් කටයුතු කරන අතර, රාජකාරි වේලාවන්තුල පෞද්ගලික වැඩ කටයුතුවල නිරතවීමට කිසිදු නිළධාරියෙකුට ඉදිරියේදි ඉඩ ලබා නොදෙන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
