ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් යුද්ධයට කොටුවෙයි
කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සිටි සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් මැදපෙරදිග කළාපයේ හදිසියේ හටගත් යුධමය වාතාවරණයත් සමග ගුවන් අවකාශ වසා දැමීම නිසා පැයකට අධික කාළයක් ඉහළ අහසේ ගමන් කරමින් සිට සුරක්ෂිතව එම ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් සමත්ව තිබේ. ඒම ගුවන් යානා දෙක 07/15 දින උදෑසන වනවිට එම ගුවන් යානා දෙක යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
07/14 දින පස්වරු 05.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත්, 07/14 දින රාත්‍රී 06.36 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 253 දරන ගුවන් යානය දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .
මෙම ගුවන් යානා මැදපෙරදිග කළාපය වෙත ආසන්න වෙත්ම , ඉරානය විසින් මෙම කළාපය වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාළාවක් එල්ල කර තිබේ .
ඒ සමගම කුවේට් රාජ්‍යය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් වසා දැමීමට පියවර ගෙන තිබූ අතර , එම රටවල් බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙක ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධන ද ප්‍රමාණවත් නොවීම නිසා එම කළාපය ආසන්නයේ ඉහළ අහසේ පැය 01 විනාඩි 10 ක කාළයක් ගමන් කරමින් සිට පසුව එම ගුවන් අවකාශ විවෘත කළ සැනින් ගුවන් තොටුපොළ වෙත සුරක්ෂිතව ගොඩබැස්සවීමට පියවර ගෙන තිබුණි.
මේ ආකාරයට තවත් විදේශීය ගුවන් යානා රාශියක් යුධමය වාතාවරණය නිසා , එම ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නොහැකිව ඉහළ අහසේ , රවුම් ගසමින් තිබූ බවට තොරතුරු වාර්තා වී තිබුණි .
පසුව කුවේට් සිටි ගුවන් තොටුපොළේ සිට 07/15 දින උදෑසන 07.03 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයත් , 07/15 දින උදෑසන 06.04 ට දමාම් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයත් , එම ගුවන් තොටුපොළ වල , මෙරටට පැමිණීම සදහා රැදී සිටි ගුවන් මගීන් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

