ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම හා පෞද්ගලික මූල්‍ය ආයතනයක් සතු ජීප් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින එස්. එෆ්. ලොක්කා මෙම මස 23 දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා අද (09දා) නියෝග කළේය.
මෙම සුඛෝපබෝගී ජීප් රථය පැහැරගැනීම සඳහා එස්.එෆ්. ලොක්කාට උපදෙස් ලබාදුන් බවට සැකකරන බන්ධනාගාරගතව සිටි උපකාරක පන්ති ගුරුවරයා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අද නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අනුරාධපුර, කාර්මික පෙදෙස, දහයියාගම හංදිය යන ලිපිනයේ පදිංචිව සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බළමුළුවට අනුයුක්තව සේවය කර, සේවය අතහැර පලාවිත් සිටින එස්.එෆ්.ලොක්කා නොහොත් රණසිංහ ආරච්චිගේ ඉරෝන් රණසිංහ යන අයයි.