ෆීල්ඩ් මාෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා යටතේ විශේෂ හමුදාවක් පවත්වාගෙන යෑමට රජයට අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී අද (03දා) අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා පැවැත්වූයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ගනු ලබන ක්‍රියාමාර්ග බවත් ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවේදි කුමක් කිවේදැයි තමන් නොදන්නා බවත් ඒ වන විට තමන් විදේශ ගතව සිටි බවත් අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.