රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිටින සාමාජික පිරිස වෙනත් වෘත්තීය මට්ටමේ කිසිදු ආයතනයක නැතැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද(03දා) පැවසීය.
ඉංජිනේරු,ගණකාධිකාරී වැනි වෙනත් වෘත්තීන්වල නොමැති,එක් අමාත්‍යාංශයක පමණක් වැඩකරන වෘත්තීයවේදීන් පිරිසක් සිටිනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පමණක් බවද රණවක මහතා කීවේය.
බත්තරමුල්ල ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සයිටම් ප්රශ්නය විසඳිය හැක්කේ මහපාරේ සටන් කිරීමෙන් නොව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ආණ්ඩුව අතර හටගන්නා අවංක එකඟතාවකින් පමණක් බවයි.