හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණිය වන ඉෂාර මල්ෂානී (අවු.20) ඇගේ ස්වාමි පුරුෂයා විසින් අද අලුයම 2.00 පිහියෙන් ඇණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුණුවැව පොලීසිය පවසයි.
මෙම මරණය පෞද්ගලික ආරවුලක් මත සිදුවූ බවද වැඩිදුරටත් පොලීසිය පවසයි. මෙම මරණය සිදුවූ මොහොතේ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ එම නිවසේ සිටි ඇති අතර ඇයටද පිහියෙන් ඇණ ඇත. ඇය මේ වනවිට අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.
හොරොව්පතාන - සිඩ්නි රුවන්