NSB බැංකුවේ මෑන් පවර් සමාගමේ සේවකයන් වහාම ස්ථිර කරන ලෙස ඉල්ලමින් බලධාරීන්ට බලකිරීම සඳහා NSB බැංකුවේ සමාගම් සේවකයන් විසින් එම බැංකු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් අාරම්භ කර තිබේ.
සමාගම් සේවකයන් ස්ථිර නොකිරීම හේතුවෙන් තමන්ට වැටුප් වර්ධක, නිවාඩු, බෝනස්, ආදී වරප්රසාද නොලැබෙන බව උද්ඝෝෂකයෝ පැවසූහ.
වහල් පවර් සේවය නවතා වහාම රැකියා ස්ථිර කරදෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.