අනේවාසික විදේශ ව්‍යවහාර ගිණුමට ලැබෙන පොලී මත බදු අයකරන බවට මහ බැංකු අධිපත් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වීමි මහතා අද (26දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූ බවට වාර්තා වන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නේවාසිකයන්ගේ ගිණුම් මත උපයන පොලියට පමණක් නව දේශීය ආදායම් පනත හරහා බද්දක් අයවන බවයි.