NH370 සොදිසි මෙහෙයුම් යළි ඇරඹෙයි
පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 08 වැනිදා අතුරුදන්වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සෙවීමේ සොදිසි මෙහෙයුම් අද (06දා) යළි ආරම්භ වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙම නව සෝදිසි මෙහෙයුම සඳහා අධි තාක්ෂණයෙන් යුතු විශේෂිත යාත්‍රා දෙකක් දකුණුදිග ඉන්දීය සාගර කලාපය වෙත යෙදවීම ඊයේ දිනයේදී සිදු වී තිබේ.
ෆුග්රෝ ඩිස්කවරි සහ ගෝ ෆීනික්ස් නමින් හැඳින්වෙන මෙම යාත්‍රා දෙක යොදා ගනිමින් ඉදිරි දින 12ක කාලය පුරා මෙම මුහුදු කලාපය අභ්‍යන්තරයේ සෝනාර් ඡායාරූප ලබාගැනීම සිදුකෙරෙන බවත්, ඊට යෝග්‍ය අධි තාක්ෂණික වීඩියෝ කැමරා මෙම නෞකා සතුව ඇති බවත් පැවසෙයි. එමෙන්ම, මෙම නව සෝදිසි කලාපය බටහිර ඔස්ට්‍රේලියානු වෙරළ තීරයේ සිට කිලෝමීටර් 1,500ක සාගර කලාපයක් දක්වා දිග හැරෙන බවද කියයි.
මූලික වශයෙන් දින 12ක සෝදිසියකට පසුව එම නෞකා ඊට අවශ්‍ය සැපයුම් ලබාගැනීම සඳහා නැවත ඔස්ට්‍රේලියානු වරායක් වෙත පැමිණ නැවත සිය සෝදිසි අරඹණු ඇති බවද කියැවෙයි.
	.gif) 
	.gif) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                