ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියගේ ක්‍රියාකලාපයන් අත්තනෝමතිකව සිදුවන බවත්, ඒ අනුව ඊට විරෝධය දැක්වීම සඳහා එළඹෙන සතියේදී වැඩවර්ජනයක් සහිත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක සංගමය ප්‍රකාශ කරයි.
එහි ලේකම් එච්.ඒ. ඉන්දික ජයවර්ධන මහතා 'අද' වෙත සඳහන් කර සිටියේ ළමා අපයෝජන චෝදනා එල්ලවී සිටින ආයතනයේ නිලධාරියෙකු ආරක්ෂා කිරීම, පසුගිය ආණ්ඩුව පැවැති සමයේ පත්කරන ලද නුසුදුසු නිලධාරීන් ආරක්ෂා කිරීම, සිය හිතවතුන් සුදුසුකම් රහිතව මාණ්ඩලික තනතුරු සඳහා පත් කිරීම මෙන්ම මහජන මුදල් අවභාවිතය යන සභාපතිනිය සම්බන්ධ සිදුවීම් පිළිබඳ කාන්තා හා ළමා කටයුතු විෂය භාර අමාත්‍යවරිය මෙන්ම ජනාධිපතිවරයාද විවිධ අවස්ථාවල දැනුවත් කළද, මේ වනතෙක් කිසිදු සාධනීය මැදිහත්වීමක් එම පාර්ශ්ව විසින් සිදු කර නොමැති බවයි.