පොදු අරමුණ අමතක කර ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් 2020 වසරේදී ජනාධිපති වීමේ සිහිනයෙන් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරයා පත්කර ගත්තේ රටට යහපාලනය උදාකර ගැනීමට බවත්, අගමැතිවරයා පත්කර ගනු ලැබුවේද එම කාරණයටම බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
එහෙත් රටට යහපාලනය ලබාදීම අමතක කර ජනාධිපතිවරයා ඊළඟ මැතිවරණයේදීද ජනාධිපති වීමේ දේශපාලන ගමනක් යන බවත්, 2020 වසරේදී ජනාධිපති වීමට අගමැතිවරයා දේශපාලන ගමනක් යන බවද හෙතෙම පවසා සිටියේය.