හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණය වසර දෙකකට කලින් පැවැත්වූයේ එවකට රට මුහුණ දුන් ප්රශ්න වලට පිළිතුරු ලබාදීමට නොහැකි වීම හේතුවෙන් බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. එසේම එහි දැක්වූ අදහස් ජනපතිගේ ට්විටර් ගිණුමෙන්ද ප්රචාරය විය.
එසේම තම මැතිවරණ ප්රකාශයේ සඳහන් කරුණු ඒ ආකාරයෙන්ම ඉටුකරන බවත් ඔහු සඳහන් කළේය.
එසේම ලෝකයා හමුවේ හුදෙකලා වූ රට මේ වන විට ලෝකයම පිළිගත් රටක් බවට පත්වෙමින් සිටින බවත් ඔහු පැවැසීය.