ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගසා ඇති කොටස් අතුරුදන් වූ MH370 මැලේසියානු යානයේ කොටස්දැයි හඳුනාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු බලධාරීන් පරීක්ෂණ සිදුකරන බව වාර්තා වෙයි.
පර්ත් නුවරට කිලෝමීටර් 300ක් පහළින් ඔගස්ටා නගරය ආශ්රිත වෙරළට ගොඩගසා තිබූ මෙම කොටස් එම නගර වාසියෙකු විසින් දැකීමෙන් පසු ඒ බව පොලීසියට දන්වා තිබේ.
ඒ අනුව, මෙම කොටස්වල ඡායාරූප මේ වනවිටත් ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය වෙත යවා ඇති අතර ඔවුන් ඒ පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති බව කියැවෙයි.
"මෙය අනිවාරයයෙන්ම සොයා බැලිය යුතු ප්‍රමාණවත් සාක්ෂියක්" බව ඒම කාර්යාංශයේ ප්‍රධානී මාර්ටින් ඩෝලන් සී.එන්.එන්. පුවත් සේවයට පවසා තිබේ.
ඔහු පෙන්වාදෙන පරිදි එම කොටස් අතර රිවට් ඇණ සහිත වානේ තහඩු පවතින බව කියැවෙයි. නමුදු, ඒවා තවදුරටත් පරීක්ෂා කරන බවත් ඔහු පවසා ඇත.
මෙම කොටස්වල ඡායාරූප මැලේසියාවටත් යවා තිබෙන අතර, අද සවස් වනවිට එම කොටස් එකතු කිරීමටද කටයුතු කරමින් සිටි බව කියැවෙයි.
ඔස්ට්‍රේලියානු ඒ.බී.සී. පුවත් සේවය උපුටා දක්වමින් බී.බී.සී.ය පෙන්වා දෙන්නේ මීටර් 2.5ක් පමණ විශාල මෙම ඇතැම් කොටස් වානේ තහඩු බව විශ්වාස කරන බවයි.
පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං නුවර දක්වා ගමන් කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන් වූයේ පසුගිය මාර්තු 08 වැනිදාය.