MH370 යානයේ යැයි සැකකෙරෙන දෙවැනි ගුවන් යානා කොටසද රියූනියන් දූපත වෙත ගොඩගසා තිබියදී සොයාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
යානා තටුවකට සම්බන්ධ කොටසක් පසුගිය 29 වැනිදා දූපත වෙත ගොඩගසා තිබියදී හමුවූ අතර, ඉන් අනතුරුව යානයට සම්බන්ධ කොටසක් හමුවූ අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
එම දූපතේ ශාන්ත ඩෙනිස් නගරය ආසන්නයට ගොඩගසා ඇති මෙම කොටස ගුවන් යානා දොරක කොටසක් බව විශ්වාස කෙරෙයි.
මෙවැනි දොර කොටසක කිසියම් දෙයක් ලියා ඇති බවත්, ඒ මත යම් සලකුණක් දැකිය හැකි වනු ඇති බවත් විශ්වාස කෙරෙයි.
මැලේසියාවේ ක්වලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබියදී මැලේසියානු ගුවන් සේවයට අයත් මෙම බෝයිං 777 වර්ගයේ MH370 යානය 2014 මාර්තු මාසයේදී පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් විය.
දෙවැනි ගුවන්යානා කොටස හමුවීමත් සමග යානයේ සුන්බුන් සොයා රියූනියන් දූපතේ සිදුකරන මෙහෙයුම් පුළුල් කළ යුතු බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයාද පවසා සිටියේය.