පුද්ගලයන් 239 දෙනෙකු සමග 2014 මාර්තු මාසයේදී අතුරුදන් වූ MH370 යානය සෙවීමේ කටයුතු අත්හිටුවීමේ සූදානම ගැන එම යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් සංවේගයට පත්ව ඇත.
ඒ අනුව, මෙම යානය සෙවීමේ කටයුතු අත්හිටුවීමට යෑම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට පීඩනයක් එල්ල කිරීමට ඔවුන් සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
බෝයිං 777 වර්ගයේ යානය මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී ඉන්දියන් සාගරය ආශ්‍රිතව අතුරුදන් වූ අතර, යානය සොයා එදාමෙදා තුර ලෝකයේ සිදුවූ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් එම සෝදිසි මෙහෙයුම්වලදී හමු නොවීය.
කෙසේ වෙතත්, සෝදිසි මෙහෙයුම්වලදී කිසිදු තොරතුරක් නොමැතිවම එම නිරීක්ෂණ මෙම වසරේදී නවතා දැමිමට තීරණය වී ඇති අතර, යානයේ සුන්බුන් බවට සැකකෙරෙන රීයූනියන් දූපතට ගොඩගැසූ කොටස් ඔස්සේද නිවැරදි සෝදිසියක් සිදුව නොමැති බවට එම ඥාතීහු මැසිවිලි නඟති.
