ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමය ගැන විමසූ විට, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවේ "මම හිතන්නේ ඒක ඉවරයි." යනුවෙනි. ඔහු නේටෝ සමුළුවේදී වාර්තාකරුවන්ට පවසා ඇතතේ "මට ඔවුන් සමඟ තවදුරටත් ගනුදෙනු කිරීමට අවශ්‍ය නැත, ඔවුන් ජරාව." යනුවෙනි.
"මා සම්බන්ධයෙන් ගත් කල, එය අවසන්," ඔහු තවදුරටත් පවසයි. "එය ඔවුන් සමඟ කටයුතු කිරීමේ කාලය නාස්තියක් පමණි, ඔවුන් බොරුකාරයෝ."
ට්‍රම්ප් පවසන්නේ දෙපාර්ශ්වයේම සාකච්ඡාකරුවන්ට "කතා කළ හැකිය" නමුත් "ඔවුන්ගේ කාලය නාස්ති කරමින්" සිටින බවයි.
ඉරානයේ නායකයින් 'පිළිකාවක්' සහ 'නපුරු' බව ට්‍රම්ප් නේටෝ සමුළුවේදී පැවැසුුුවේය. තුර්කියේ නේටෝ සමුළුවේදී කතා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන පාලන තන්ත්රය "නපුරු මිනිසුන්" ලෙස විස්තර කළේය.
"මේ අය නපුරු රෝගී මිනිසුන්," එක්සත් ජනපද ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය. "ඔවුන් පිළිකාවක්, ඔබ කළ යුතු දේ ඔබ දන්නවා - ඔබ ඉක්මනින් පිළිකාව කපා දැමිය යුතුයි."