ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ වාණිජ මහාධිකරණය 2019 වසරේ දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර කළේය.
විමල් වීරවංශ මහතා විසින් ඔහුගේ නමින් ප්‍රකාශයට පත් කළ “නැත්ත වෙනුවට ඇත්ත” යන ග්‍රන්ථය මගින් බුද්ධිමය දේපළ පනත යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ටිල්වින් සිල්වා මහතා කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුවට එරෙහිව විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමේ තීන්දව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව සඳහන් කළේය.
විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී තමා විසින් පක්ෂ විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කර විමල් වීරවංශ මහතා ‘නැත්ත වෙනුවට ඇත්ත‘ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බව ටිල්වින් සිල්වා මහතා අධිකරණයට ප්‍රකාශ කර තිබුණි.