MH 370 ප්‍රහෙලිකාව විසඳනවා - ඇබොට් පවසයි කොටස් 122ක නව ඡායාරූප
(UPDATE) අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටස් 122ක චන්ද්‍රිකා ඡායාරූප ලැබී තිබෙන බව මැලේසියාවේ වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.
මාර්තු 23 වැනිදා ගනු ලැබූ මෙම චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව මීටර් 23 පමණ ප්‍රමාණයේ කොටස්වල ඡායාරූප දක්නට ලැබෙයි.
මේ අතර, ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් අද උදෑසන අවධාරණය කර සිටියේ පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය සෙවීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ගනිමින් සිටින බවය.
දකුණුදිග ඉන්දීය සාගර කලාපයේ අයහපත් කාලගුණික තත්ත්වය යහපත් අතට හැරීමත් සමග නැවතත් යානය සෙවීමේ කටයුතු අරඹා ඇති බව පෙන්වා දෙමින් අගමැතිවරයා මෙසේ පවසා සිටියේය.
ඔස්ට්‍රේලියානු සමුද්‍රික ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන පරිදි අද දිනයේ ගුවන්යානා 12ක් සෝදිසි මෙහෙයුම්වලට එක්ව සිටී.
පසුගිය මාර්තු 8 වැනිදා MH 370 යානය අතුරුදන් වූයේ පුද්ගලයන් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා පියාසර කරමින් සිටියදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

