LTTE ස්මාරකයක් ඉදිකිරීම අධිකරණයෙන් නවත්වයි
අවසන් යුද සමයේදී මියගිය වැසියන් හා හිටපු කොටි සාමාජිකයන් 500කගේ නම් ඇතුළත් පුවරුවක් හා ඔවුන්ගේ වීරත්වය පිළිබිඹු වන අයුරින් මුලතිව් මුල්ලිවයික්කාල්හී ප්රතිමාවක් සාදා ස්ථාපිත කිරීමට ගත් උත්සාහයක් දින 14ක කාලයක් යනතුරු විවෘත නොකරන ලෙසට මුලතිව් මහේස්ත්රාත් එම්.අයි.එම්. සම්සුඩීන් මහතා අද (18දා) තහනම් නියෝගයක් පැනවීය.
මුල්ලිවයික්කාල්හි අද මිය ගිය වැසියන්ගේ සැමරුම අද පැවැති අතර මීට සමගාමීව මෙම ප්රතිමාවද එම ස්ථානයේදීම විවෘත කිරීමට සැලසුම් කර තිබිණි.
මෙම ප්රතිමාවේ සහ නාම පුවරුවේ මිය ගිය කොටි සාමාජිකයන් නිරූපණය වන බවත්, හිටපු කොටි සාමාජිකයන්ගේ නම් ඇතුළත් වීම නිසා ජාතික ආරක්ෂාවට මෙන්ම, සංහිඳියාවට සහජීවනයට බාධාවක් බවට අදාළ පුවරුව සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් පසුව මෙම තහනම් නියෝගය පැනවීය.
උතුරු පළාත් ස්වේච්ඡා කතෝලික පියතුමන්ගේ සංසදය විසින් මෙම ස්මාර්කය සාදා ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුණු අතර, එහි පිරිමියෙකු විසින් තුවාල ලබා සිටින කාන්තාවක දෑතින් ඔසවාගනු ලැබ සිටින ආකාරය දකින කුඩා දරුවා හඬා වැළපෙන අයුරුත් නිරූපණය කරමින් මෙම පිළිරුව නිර්මාණය කර ඇති අතර, අදාළ අධිකරණ නියෝය නිසාවෙන් අද දිනයේදී මෙම ස්මාර්කය ස්ථාපිත කිරීමෙන් වැලකී සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

