මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලි කැලෑවේ වළදා තිබූ මුදල් හා රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සාහ ගත් බවට සැකකරන එකොළොස් දෙනෙකු ඊයේ (25දා) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
යාපනය, කිලිනොච්චිය, මාතර, වැල්ලම්පිටිය,කොටහේන, මාකඳුර, කොට්ටාව, ගම්පොළ හා වැලිවේරිය ප්රදේශවල පදිංචිකරුවෝ එකොළොස් දෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි ස්ථානාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් කයිවේලි කැලෑවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිධන් හා රන් හාරමින් සිටි එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට පත්ව ඇත.