එල්. ටී. ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් මුළුමනින්ම අඩපණ කිරීම සඳහා රජය සෑම විටම වගකීම් සහගතව කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව අනතුරේ බව සඳහන් කිරීමින් සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන බවත්, එම අසත්‍ය ප්‍රකාශවල අරමුණ දේශපාලන වාසි ලබාගැනීම බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඇමෙරිකානු වාර්තාව උපුටා දක්වමින් ජාතික ආරක්ෂාව අභියෝගයකට ලක්ව ඇතැයි විපක්ෂ දේශපාලඥයන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් අද (24දා) දැක්වීය.
අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය