එල්.ඊ.ඩී. (LED)විදුලි බුබුළු මිලියන 10ක් බෙදාහැරීමෙන් මෙගාවොට් 220ක විදුලිබලයඉතිරි කරගැනීමට හැකිවන බව ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
ජාතික ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති සංරක්ෂණ වැඩසටහන යටතේ මෙරට විදුලිපාරිභෝගිකයන් අතර එල්.ඊ.ඩී.(LED) විදුලි බුබුළු මිලියන 10ක් බෙදාහැරීමට අදාළක්රියාමාර්ග ගැනීම පිළිබඳ සාකච්ඡාවේදී මේ බව අනාවරණය වූ බවදඅමාත්‍යවරයා කීවේය.
ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණය පිළිබඳ මෙහෙයුම් කමිටුව රැස්වී මේපිළිබඳ සාකච්ඡා කළ බවද ඔහු කීය.