සැප්තැම්බර් මස 17 වන දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 110වන ජන්ම දින සැමරුම සඳහා විශේෂ සැමරුම් වැඩසටහන් රැසක් ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේප්‍රධානත්වයෙන් ටෝකියෝ නුවර හචිඕජි සකමුණි විහාරය අසල පිහිටුවා ඇති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමත්, ඊට සමගාමීව හිටපු ජනපතිවරයාගෙන් ජපානයට සිදු වූ මෙහෙය පිළිබඳව ජපන් ජාතිකයන් දැනුවත්කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් නියමිතය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව බොහෝ රාජ්‍යයන් ජපානයට එරෙහිව සම්බාධක පැනවීමට සූදානම් වෙමින් සිටියදී, ජේ. ආර්. ජයවර්ධන මහතා 1951 වසරේ සැන්ෆ්රැන්සිස්කෝ සමුළුවේ දී, 'නහි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං... අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනත්තනො' යන බුද්ධ ගථාව තේමාව කරගනිමින් සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ජපන් ආර්ථිකයේ ඉදිරි ගමන්මග යහපත් මගකට හැරවීමට සමත්වීම පිළිබඳව ජපානයේ තරුණ පරපුර දැනුවත් කිරීම උදෙසා සමාජ ජාල හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත.
මෙම සැමරුම් වැඩසටහන් මාලාවෙහි සියලු සංවිධාන කටයුතු එක්සත් ජාතික පක්ෂයේ ජපන් ප්‍රධාන ශාඛාව ප්රමුඛ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සිදුකරනු ලබයි.
.jpg)