ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද (16දා) ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී දහවල් මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.
ඊට පෙරාතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවකට එක්ව තිබේ. එය පෙ.ව. 8.30ට පමණ ආරම්භ විය.