ITI අයතනයට DCD විෂකාරක පරීක්ෂා කිරීමේ හැකියාවක් නැතැයි කවුරුන් හෝ සඳහන් කරනවා නම් එය මේ රටේ දරුවන්ට කරන බරපතළ අපරාධයක් බවත්, මාධ්‍ය හා වෘත්තීය සමිති තම බලය භාවිත කර සත්‍ය යටපත් කරන්නට උත්සාහ දරන බවත්, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ DCD පරීක්ෂා කළ ක්‍රමවේදය අන්තර් ජාතික මට්ටමට අනුකූල ක්‍රමවේදයක් තුළ සිදුවූ බවත්, එය නවසීලන්ත රජය විසින්ද පිළිගනු ලැබූ බවයි. ඕනෑම විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් මෙම ක්‍රමවේදය පිළිබඳ දැනගත හැකි බවත්, රටේ විධිමත් ආහාර සුරක්ෂිතභාවයක් ජනතාවට අවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.