සිරියාවේ ලෝක උරුම නගරයක් වූ පැල්මයිරා හි බලය සියතට ගත් IS ඉස්ලාමීය අන්තවාදීන් කාන්තාවන් හා ළමයින් ඇතුළු 400ක් සමූලඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇසින්දුටු සාක්ෂිකරුවන්ට අනුව නගරයේ මංමාවත්වල රුධිරය ගලා යමින් පවතින බවත්, ගෙල සිඳ ඝාතනය කළ පුද්ගලයන්ගේ සිරුරු තැන තැන විසිරී ඇති බවත් කියැවෙයි.
IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් විසින් නගරයේ අල්ලාගෙන හමුදා සාමාජිකයන් 300ක් ඝාතනය කිරීමෙන් පසුව මේ ආකාරයෙන් සාමාන්‍ය වැසියන්ද ඝාතනය කර ඇති බව කියැවෙයි.
මේ වනවිට ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ගේ ධජය පෞරාණික නගරය මැද ලෙලදෙන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.