බංග්ලාදේශයේදී මියගිය ඉතාලි සහන සේවකයාගේ මරණය තමන් විසින් සිදුකළ බව IS ඉස්ලාම් රාජ්‍ය පවසා සිටීමත් සමග බංග්ලාදේශය තුළද අන්තවාදීන් ක්‍රියාකරන බවට සැක පහළ වී තිබේ.
පසුගිය සඳුදා රාත්රියේදී වෙඩි තැබීමකින් 50 වැනි වියෙහි පසුවූ සිසාරේ ටවෙල්ලා නමැති ඉතාලි ජාතිකයා ඝාතනය කර තිබුණේ ඩකා අගනුවරදීය.
බංග්ලාදේශ පොලිස් කොමසාරිස් අසාදුස්සාමාන් පවසා සිටින්නේ සිසාර් ව්‍යායාම් සඳහා මාර්ගයේ දුවමින් සිටියදී පිටුපසින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.
මෙම සිදුවීමත් සමග ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එරට වෙසෙන සිය ජාතිකයන්ට තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස පවසා තිබේ.
විශේෂයෙන්ම බංග්ලාදේශය තුළදී බටහිර ජාතිකයන් ඉලක්ක කර ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ප්‍රහාර දියත් කළ හැකි බවට තොරතුරු පවතින බව එහි කියැවී තිබේ.
මේ අතර, බංග්ලාදේශය සමග තානාපති සබඳතා සීමා කිරීමටද එම රටවල් කටයුතු කර තිබේ.
බී.බී.සී. සේවයේ දකුණු ආසියානු කලාපයේ කර්තෘ ජොඇන්නා ජොලී පවසන්නේ බංග්ලාදේශය තුළ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ප්‍රහාරයක් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි.
කුරුසයේ සන්ධානය සමග එක්ව සිටින ජනතාවට මුස්ලිම් රාජ්‍යයන් තුළ කිසිදු ආකාරයක ආරක්ෂාවක් නොමැති බව IS ඉස්ලාම් රාජ්‍ය අනතුරු අඟවා තිබේ.