කොංග්‍රසයේ අනුමැතියකින් තොරව සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව සිදුකරන ප්‍රහාර තවදුරටත් වැඩි කිරීමේ බලය තමන් සතු යැයි ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවධාරණය කරයි.
එමෙන්ම, ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි තම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ දේශනයක් අද (10දා) දිනයේදී ඔබාමා විසින් පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.
මෙම ජිහාඩ් අන්තවාදීන් මේ වනවිටත් සිරියාවේ සහ ඉරාකයේ විශාල කොටසක් පසුගිය මාස කිහිපයේදී අත්පත් කරගනිමින්, ඔවුන්ගේ ඉස්ලාම් රාජ්‍යයක්ද ප්‍රකාශයට පත් කළේය.
ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවූ ඇමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ හිස සිඳීමටද ඔවුන් කටයුතු කළේ තමන් වෙත එල්ල වන ඇමෙරිකානු ප්රහාරයන්ට පළි ගැනීමක් ලෙසිනි.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපතිවරයා සිරියානු විරුද්ධ පක්ෂ හමුදාවන් වෙත යුද ආධාර දීම සම්බන්ධයෙන් වූ අනුමැතිය සඳහාද ඔහු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර ඇති බවද මේ සමග වාර්තා වෙයි.
ඊයේ (09දා) දිනයේදී ඔබාමා ජනාධිපතිවරයා එරට පක්ෂ දෙකෙහිම නියෝජිතයන් සමග ධවල මන්දිරයේදී ISIS ට එරෙහි සටන සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර, ධවල මන්දිර ප්‍රකාශකයෙකු පවසා තිබුනේ එම සාකච්ඡා ඵලදරා ඇති බවයි.