ISIS ට එරෙහි ඇමෙරිකානු ප්‍රහාර වැඩිවෙයි - ජිහාඩ් කඳවුරු බිඳවැටෙයි
සුන්නි ඉස්ලාමිය අන්තවාදීන් විසින් ප්රණ ඇපකරුවන් දහස් ගණනින් රඳවාගෙන සිටි අමෙරිලි නගරය යළි අත්පත් කරගැනීමට ඉරාක හමුදා සමත්ව ඇති අතර, අන්තවාදීන්ගේ බල කඳවුරු වෙත ඇමෙරිකානු ප්‍රහාර දැඩිවත්ම මෙසේ ජිහාඩ් ත්රස්තයන් පසුබැස ඇති බව පැවසෙයි.
විදෙස් පුවත් සේවා වාර්තා කරන ආකාරයට ඇමෙරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් පසුගිය දින කිහිපයේදී සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් රැසක් ජීවිතක්ෂයට පත්ව, තවත් 15ක පමණ පිරිසක් ඉරාක හමුදාවේ අත්අඩංගුවට පත්ව තිබේ.
මේ අතර, ජිහාඩ් අන්තවාදීන්ගේ ග්‍රහණය හේතුවෙන් විවිධ නගරවල කොටුවී සිටින ඉරාක සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ආධාර ලබාදීම වෙනුවෙන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ඔස්ට්‍රේලියාවද එක්ව ගුවනින් මානුෂීය ආධාර ලබාදීමේ මෙහෙයුමක්ද අරඹා ඇති බව වාර්තා වෙයි.
මෙම අර්මේලි නගරය ආශ්‍රිතව සුළුතර ෂියා තුර්කිවරුන් හා ක්‍රිස්තියානුවන් 15,000ක් පමණ ජිහාඩ් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

