ලෝකයටම දැරුණු ගැටලුවක් බවට පත්ව ඇති අයි.එස්.අයි.එස්. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීම පිළිබඳව ජනපතිගේ අවධානය යොමුව තිබේ. එම සංවිධානය තහනම් ත්රස්ත සංවිධානයක් ලෙස ශ්රී ලංකාවේ ලැයිස්තුගත කරන ලෙස ජාතික හෙළ
උරුමයට අනුබද්ධ හෙළ බොදු සවිය පසුගියදා ජනපතිගෙන් ලිපියක් මගින් ඉල්ලා සිටියේය.
ඒ පිළිබඳව ඔවුන්ට පිළිතුරු ලිපියක් ජනපති ලේකම් කාර්යාලයෙන් ලැබී තිබෙන අතර එහි සඳහන් වන්නේ අදාළ කරුණ පිළිබඳව ජනපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි.