සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් 10ක් ඇමෙරිකාව විසින් දියත් කිරීමට යන ISIS ඉස්ලාමීය අන්තවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුමට සහාය දැක්වීමට එකඟත්වය පළ කර ඇති බව බී.බී.සී.ය පවසයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි සෞදි අරාබිය වෙත පැමිණියේ මැදපෙරදිග ප්‍රබල රාජ්‍ය නායකන් කිහිප දෙනෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.
ඊයේ (10දා) රාත්‍රී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ඔබාමා කියා සිටියේ ඇමෙරිකාවට තර්ජනයක් වන ඕනෑම කණ්ඩායමකට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට තමන් පසුබට නොවන බවයි.