ඉරාකයේ සුන්නි හා ෂියා මුස්ලිම්වරුන් අතර සහයෝගය ඇති කරමින් අයි.එස්. ඉස්ලාම් ත්රස්තවාදය රටින් මුලිනුපුටා දැමීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් මහතා එරට රජයට බලකර සිටී.
ඉරාක අගමැති හයිදර් අල්-අබාදි බැග්ඩෑඩයේදී මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් පසුව පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී මහ ලේකම්වරයා මෙම කරුණ අවධාරණය කර තිබේ.
2003 වසරේදී ඇමෙරිකානු හමුදාව විසින් ඉරාකයේදී සිදුකරන ලද ආක්රමණයෙන් පසුව එරට පාලන බලයට පැමිණි සුන්නි මුස්ලිම්වරු සුළුතර ෂියා මුස්ලිම්වරුන් නොසලකා හැරි බවත්, මේ තත්ත්වය තුළ ඔවුන් ඉස්ලාම් අන්තවාදයට ගොදුරුව ඇති බවටත් නැගෙන චෝදනා සම්බන්ධයෙන්ද මහ ලේකම්වරයා කතා කළේය.
මෙම හමුවට ලෝක බැංකු සභාපති ජිම් යන්ග් කිම් සහ ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සභාපති අහ්මඩ් මොහොමඩ් අලීද සහභාගී වූහ.