IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ග්‍රහණයේ පැවති සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරය වෙත ඇතුළු වූ බව එරට රජයේ හමුදා පවසයි.
සිරියානු රාජ්‍ය රූපවාහිනිය පවසන්නේ ම්ලේච්ඡ ඉස්ලාම් අන්තවාදීන් අතට පත්වූ පැල්මයිරා ලෝක උරුම නගරය යළි රජයේ පාලනයට නතුවන බවයි.
කෙසේ වෙතත්, යුනෙස්කෝ ලෝක උරුම නගර මධ්‍යයේ තවමත් සටන් ඇවිලෙන බවට ස්වාධීන නිරීක්ෂකයන් පවසයි.
මෙම නගරය යළි අත්පත් කරගැනීම සඳහා සිරියානු රජයේ හමුදා මෙම මස මුලදී මෙහෙයුම් දියත් කළ අතර, ඒ සඳහා රුසියානු ගුවන් හමුදාවේ සහාය හිමිවිය.
මෙම නගරය ඩැමස්කස් හා නැගෙනහිර ඩෙයිර් අල්-සෝර් නගරය අතර මූලෝපාය වශයෙන් වැදගත් භූමියක පිහිටි නගරයකි.
පසුගිය වසරේදී ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අතට පත්වූ පැලිමයිරා නගරයේ වසර 2,000ක් පමණ පැරණි ස්මාරක ඉස්ලාම් අන්තවාදීන් විසින් පුපුරුවා හැරි අතර, තවත් ස්මාරක ඔවුන්ගේ කුළු ගෙඩි පහරට හසුවිය.