IS ඉස්ලාමීය රාජ්‍යය අන්තවාදීන්ගේ තෙවැනි අණදෙන්නා ලෙස සැලකෙන ෂහිදුල්ලාහ් ෂහීඩ් ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බී.බී.සී.ය පෙන්වා දෙන පරිදි, නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එරට බුද්ධි අංශ හා පොලීසිය මෙම තොරතුර සනාථ කර තිබේ.
මොහු පාකිස්තාන තලේබාන් සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බවත්, පසුව ඉන් පැන ගොස් IS ඉස්ලාමීය රාජ්‍යය සමග එකතු වී ඇති බවත් ඔවුන් කියයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම කලාපය තුළ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවෙන් යුතු නේටෝව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද බී.බී.සී.ය පෙන්වා දෙයි.