IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ මීළඟ ම්ලේච්ඡ ප්‍රහාරය බ්‍රිතාන්‍ය ඉලක්ක වන බවට ඔවුන්ගේ නවතම ප්‍රචාරණ වීඩියෝවකින් අනාවරණය කර තිබේ.
පසුගිය වසරේදී ප්‍රංශයේ, පැරිස් නගරය ඉලක්ක කරමින් එල්ල කෙරුණු ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ වූ ත්රස්තයන් 09 දෙනා පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයට මුසු කරමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
නොවැම්බර් 13 වැනිදා එල්ල කෙරුණු පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ත්රස්තවාදීන්ගේ අවසන් ප්‍රකාශය දැක්වෙන වීඩියෝව ලෙස ඔවුන් මෙය ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් හෝ බ්‍රිතාන්‍ය බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර, වීඩියෝවේ සත්‍ය අසත්යතාවද තහවුරු කර නැත.
නමුත්, පරිගණක විශේෂඥයන්ට අනුව මෙය ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විසින් ඔවුන්ගේ ප්රචාරක වීඩියෝ ඉදිරිපත් කරන ආකාරයට හා ඒ පසු ක්‍රමවේදයන් අනුගමනය කරමින්ම ඉදිරිපත් කළ වීඩියෝවක් බව රොයිටර් පුවත් සේවය පවසයි.
හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු මෙම ත්රස්තයන් 09 දෙනා කාන්තාර ප්‍රදේශයක සිටින දර්ශන එහි අඩංගු වී ඇත.
ප්‍රංශය දණ ගැස්වීමට තම ඉස්ලාම් රාජ්‍යයේ සිට ගිය ප්‍රහාරකයන් 09 දෙනාගේ අවසන් පණිවුඩය මෙයයි යනුවෙන් එහි දක්වා ඇති බවද රොයිටර් පුවත් සේවය පවසයි.