උතුරුදිග සිරියානු නගරයක් වූ මන්ජීබ් නගරයෙන් ඉවත්වීම සඳහා IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගත් ගුවන් ඡායාරූප කිහිපයක් නිකුත් වී තිබේ.
සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදාව පවසන්නේ වාහන සිය ගණනක් මේ ආකාරයෙන් නගරයෙන් ඉවත්වීම සඳහා යොදාගත් අතර, මෙම වාහනවල සිවිල් වැසියන් නංවා ඔවුන් මිනිස් පළිහක් ලෙස යොදාගනිමින් ත්රස්තයන් නගරයෙන් බවත් වීමට ක්‍රියාකර ඇත.
කෙසේ වෙතත්, මෙම වාහන පෙළ වෙත ප්‍රහාර එල්ල කිරීමක් සිදුව නොමැති අතර, සාමාන්‍ය සිවිල් වැසියන්ට සිදුවිය හැකි හානිය සලකා එම වාහනවලට නිරුපද්‍රිතව ගමන් කිරීමට අවස්ථාව ලබාදී ඇත.
එම වාහන පෙළ උතුරුදිග තුර්කි දේශසීමාව දක්වා ගමන් කළේ යැයි සිරියානු බලධාරීන් විශ්වාස කරයි.
සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාව සති 10ක් පුරා මන්බීජ් නගරය වෙත එල්ල කරන ප්‍රහාර මාලාව හමුවේ එම නගරයේ සම්පූර්ණ පාලනය මේ වනවිට ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගෙන් ගිලිහී ඇති බව කියැවෙයි.
.jpg)