2013 වසෙර් පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාලිය තුළදී සිදු වූ තරග පාවාදීම් පිළිබඳව වන පරීක්ෂන සඳහා ඒ් සඳහා පත්කර අැති කමිටුව විසින් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ (CID) සහාය ඉල්ලා තිබේ.
2010 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවිම සඳහා පැමිණි ඉන්දීය ක්‍රීඩකයෙක් පිළිබඳව විමර්ශන කමිටුව අවධානයෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
මෙම ක්‍රීඩකයා දඹුල්ලේ තරග පැවැත්වෙන විට කාන්තාවක් සමග රාත්‍රී කිහිපයක් ගත කර තිබෙන බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව භාරව සිටි පුද්ගලයා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබුණත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඩෙකෑන් ක්‍රොනිකල් පුවත් සේවය සඳහන් කරයි.