ඉන්දියන් ඔයිල් සමාගම මගින් තෙල් සංස්ථාවට ලබාදෙන ලද ගුවන්යානා ඉන්ධන තොගයේ පළමු සාම්පලයට අනුව එය ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් බව තහවුරු වී ඇත.
තෙල් සංස්ථාව සිදුකළ ටෙන්ඩර් කැඳවීම අනුව ගුවන්යානා ඉන්ධන මෙක්ට්‍රික් ටොන් 14,000ක් ලබාදීමේ අවස්ථාව ඉන්දියන් ඔයිල් සමාගම හිමිකර ගෙන තිබේ.
මේ අනුව දැනට ලංකාවට ගෙන්වා තිබෙන ඉන්ධන තොගයේ පළමු සාම්පල් පරීක්ෂාවේදී එය ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇත.
මීට අමතරව ඉන්ධන බැරලයක් ලංකාවට ගෙන්වීම සඳහා වැයවන සම්මත මුදල බැරලයකට ඩොලර් 1.74ක් බවත්, එහෙත් මෙම ඉන්ධන තොගය ගෙන්වීමේදී බැරලයකට ඩොලර් 4.75ක් ගෙවා තිබෙන බවත් ඛනිජතෙල් වෘත්තීය සමිතිය සඳහන් කරයි.