මේ වසරේ ජුනි මාසයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ලබාදිමට අනුමත කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.45ක් වන සම්පූණ ණය මුදලේ දෙවැනි ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 162.6ක ණය මුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදා හැරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල කටයුතු කර තිබේ.
ඒ අනුව ඔවුන් වාරික දෙකකින් ශ්‍රී ලංකාවට ලබාදුන් සම්පූර්ණ ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 325.1ක් ලෙස ඉහළ ගියේෙය. වසර තුනක කාලයකදී වාරික වශයෙන් සම්පූර්ණ ණය මුදල ලබාදිමට නියමිතය.
විදේශ සංචිත ඉහළ නැංවීය, සාර්ව ආර්ථිකය නැංවීම සඳහා හොඳ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදිම, ආර්ථික වර්ධනය හා මූල්‍යමය හිගය පියවීම වැනි අරමුණු වෙනුවෙන් මෙම ණය මුදල් ශ්‍රී ලංකාවට මුදාහරියි.