ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් ලබාගැනීම පිළිබඳව අවසාන සාකච්ඡාව ලබන සතියේදී පැවැත්වෙන බවත්, මේ අනුව මැයි මාසය වනවිට අදාළ ණය මුදල ලැබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
මේ ණය මුදල විදේශ සංචිතයට ලබාගන්නා බවත් ඉන් පසුව ඩොලරය ශක්තිමත් වන බවත් ඔහු පවසා සිටියේය. විදේශ සංචිතයට මෙම ණය මුදල ලැබීමෙන් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ණය මුදල් ලබාදෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙරට ණය ගැනීම පිළිබඳව මත ඇති වුවද ණය ගැනීම හා ගෙවීම අතර පාලනයක් පවතින බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා පැවසීය.