මතභේදාත්මක සිදුවීම් කිහිපයක් පිළිබඳව චෝදනා ලැබ සිටින ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) ප්රධාන විධායක නිලධාරී හා එහි කළමනාකාර අධ්යක්ෂ මුහන්තන් කනගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය කනගේ මහතා විසින් පසුගිය 11 දා ආයතනයේ ඉහළ කළමණාකාරිත්වයට යොමුකර තිබේ. ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවද වාර්තා වෙයි.