අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ තරග විකාශය කිරිමට විශාලම ගිවිසුම ඉන්දියා ස්ටාර් හා මැදපෙරදිග ස්ටාර් සමාගම හා අත්සන් තැබූ බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
ඒ අනුව 2015 වසරේ සිට 2023 වසර දක්වා අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ තරග විකාශය කිරීමේ අවස්ථාව ස්ටාර් ආයතනයට හිමිවෙයි.
දැනට එහි විකාශන කටයුතු ඊ.එස්.පී.එන්. ස්ටාර් ආයතනය විසින් සිදුකරන අතර එම ගිවිසුම එළැඹෙන ලෝක කුසලානයෙන් පසු නිමාවෙයි. මේ අනුව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ප්රමුඛ පෙළේ තරගාවලි 18ක විකාශන අයිතිය ඉන්දියා හා මැදපෙරදිග ස්ටාර් ආයතනයන්ට හිමිවෙයි.