ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා කිසිම ගැටලුවක් නොමැති බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, අද (02දා) පැවැති ඛෙත්තාරම ක්‍රීඩාංගණයට ගෘහස්ථ පැති විකට්ටුවක් හා පිහිනුම් තටාකයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවේදීය.
“අපට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. . අපි ඒ ප්‍රශ්න කතාකරලා තියෙන්නේ. අපිටත් කතාකරන්න පුළුවන්. අපිටත් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. අපිටත් තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්.
ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලය පත්කරන විට නොයෙකුත් මැසිවිලි, චෝදනා, ප්‍රශ්න අපිට ඉදිරිපත් වුණා. නමුත් වෙත්තමුණි මැතිතුමා ඇතුළු මණ්ඩලය මේවට නිර්භීතව මුහුණ දුන්නා. අපගේ මූලික ඉලක්කය වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලය හරියට පරිපාලන වශයෙන් ඉදිරියට ගෙන යන්න. මම හිතන්නෙ මේ මාස දෙක තුන ඇතුළත ඒක වෙලා තිබෙනවා.
අපට ඕන ඇත්ත දැනගන්න, සත්‍යයෙන් තොරව කිසිම තීරණයක් ගන්න බෑ. අපිට ඕන මොනවද වුණේ කියලා දැනගන්න. එමනිසා ඒ කටයුතු අපි දිගටම කරගෙන යනවා" යැයි අමාත්‍යවරයා පැවැසීය.