HNDA පාඨමාලාවට පිළිගත් විශ්වවිද්‍යාලයක වාණිජවේදී උපාධියක සමාන පිළිගැනීම ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තද තවමත් එය බලාත්මක කිරීම සිදුනොවූ බව අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව පවසයි.
රජය විසින් අසාධාරණයට ලක්වූ ශිෂ්‍යයන්ට හා එයට විරුද්ධ වූ ජනතාවද මුලාකරමින් සිටින බව එම සංගමය සඳහන් කරයි.
එම නිසා HNDA පාඨමාලාවට හිමි උපාධි සමානතාව ඉදිරි සතිය තුළදී චක්‍ර‘ලේඛයක් මගින් බලාත්මක නොකළහොත් HNDA ශිෂ්‍යයන් විසින් ආරම්භ කළ අඛණ්ඩ අරගලයේ මීළඟ පියවර තැබීමට සූදානම්ව සිටින බව ඔවුහු පවසා සිටිති.