අන්තර් උසස් ගණකාධිකාරී ඩිප්ලෝමාව හදාරන අඩු ආදායම්ලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල මේ වසර තුළදී මෙතෙක් කිසිදු ශිෂ්‍යයෙකුට ලබාදී නැතැයි අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සඳහන් කරයි.
මහපොළ ශිෂ්‍යාධාර මුදල ලෙස මාසිකව රුපියල් 1250 ක වාරිකයක් වසරකට මාස 09 ක් ලබාදෙන බවත්, එහෙත් මේ වසරට අදාළව කිසිදු මුදලක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදී නොමැති බවද එම සංගමයේ කැඳවුම්කරු ධම්මික රුවන් කුමාර මහතා සඳහන් කළේය.
අන්තර් උසස් ගණකාධිකරණ පාඨමාලාව ලංකාව පුරා ස්ථාන 17 කදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් හදාරන බවත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බහුතරයකට නේවාසික පහසුකම් ලබාදීමටත් රජය කටයුතු කර නොමැති බවද පවසා සිටියේය.