උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ට පසුගියදා එල්ල වූ පොලිස් ප්රහාරයට විරෝධය පළකරමින් බස්නාහිර පළාත් සභා රැස්වීමේදී අද (03දා) යෝජනාවක් සම්මත විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රී උපාලි කොඩිකාර මහතා සභාවට ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කළේ, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී මහින්ද ජයසිංහ මහතාය.
මෙහිදී පක්ෂ විපක්ෂ මන්ත්රීවරු මෙම පොලිස් ප්රහාරයට එරෙහිව අදහස් පළකළහ.