අන්තර් උසස් ගණකාධිකරණ පාඨමාලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් පසුගිය 29 වැනි දින සිදුකළ උද්ඝෝෂණයට පොලීසියටපහරදීම පිළිබඳව එරෙහිව පොලිස් කොමිසමට පැමිණිලි කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩය සඳහන් කරයි.
අධ්‍යාපන අයිතීන් ඉල්ලා සිදු කළ උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරීන් විසින් ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර හා බැටන් හා සාමාන්‍ය පොලු ප්‍රහාර එල්ල කර ශිෂ්‍යයන්ට සිදුකළ පීඩාවන් පිළිබඳව පැමිණිලි කළ බවද එම සංගමයේ කැඳවුම්කාර ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.