ව්‍යාජ මුදල් දුන සැකකරු බන්ධනාගාරයට
(UPDATE) දුලාංජලි ජයකොඩි මහත්මියට රුපියල් ලක්ෂ 20 ක ව්‍යාජ මුදල් ලබා දුන් පුද්ගලයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26දා) අළුත් කඬේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහුව එළඹෙන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
--------------------------------------------------------------------------------------------------------------
හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ දියණියට ව්‍යාජ 5000 නෝට්ටු ලබාදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී රුපියල් මිලියන 2කට අධික ව්‍යාජ 5000 නෝට්ටු සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙම සැකකරු ඇඟලුම් කර්මාන්තශාලා හිමිකරුවෙක් වන අතර, ඔහු ව්‍යාජ නෝට්ටු සකස් කිරීමට යොදාගත් බව කියන උපකරණ තොගයක්ද පොලීසිය විසින් අත්අංඩංගුවට ගෙන තිබේ. පොලීසිය සොයාගෙන ඇති ව්‍යාජ 5000 නෝට්ටුවල විටිනාකම 2,120,000 (5000x424) කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
