ජී.එස්.පී. සහනය ලබාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (01දා) හෝ හෙට (02දා) දිනයේදී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කරනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම කාර්යය සාර්ථක වුවහොත් රැකියා ලක්ෂ 10 ක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක වනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.
වෘත්තිය සමිති නියෝජිතයන් පිරිසක් සමග සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (01දා) පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව පැවසීය.