GSP ප්ලස් පළමුව ධීවර ක්ෂේත්රයට
ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට හිමිවීමේ වාසිය ධීවර ක්ෂේත්රයේ ජනතාවට ප්‍රථමයෙන්ම ලැබෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී ඊෙය් (17දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.
යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වී යුරෝපයට මත්ස්‍ය අස්වැන්න අලෙවිකිරීමට අවස්ථාව හිමිවුවද, මේවනතෙක් ඒසඳහා 18%ක බදු මුදලක් අයකළ බවත්, ෙහට (19දා) සිට කිසිදු බදුමුදලකින් තොරව යුරෝපයට මත්ස්‍ය අස්වැන්න අලෙවිකිරීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
ඒහේතුවෙන් මෙරට ධීවර ක්ෂේත්රය තවදුරටත් විශාල වර්ධනයක් වන අතර, ධීවර ක්ෂේත්රය සංවර්ධනය කිරීමට වත්මන් රජය බලාපොරොත්තුවන බවද හර්ෂද සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලැබීම තුළින් ඇඟලුම් ක්ෂේත්රයට පනවා තිබූ 10%ක බදු, පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා පනවා තිබූ 14%ක බදු හාපාවහන් නිෂ්පාදන සඳහා බදු ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක් සඳහා අපනයනයේදී පනවා තිබූ බදු ඉවත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රීලංකාවට හිමිවීම තුළින් වසරක යුරෝ මිලියන 30,000 පමණ ආදායමක් ලබාගතහැකිවනු ඇතැයි ශ්‍රීලංකාව අපේක්ෂා කරන අතර, මේහරහා ඇඟලුම් ක්ෂේත්රයට පළමු වසර තුළ ඩොලර් මිලියන 400ක පමණ ආදායමක් ලබාගතහැකිවනු ඇතිබවද හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
මේවනවිට ජී.එස්.පී. ප්ලස් බදුසහනය හිමිව ඇති රටවල් දෙස අවධානය යොමුකරනවිට එම රටවල් පළමු වසරට සාපේක්ෂව ඊළඟ වසරවලදී වැඩි ආදයමක් ලබාගෙන ඇති බැවින් ශ්‍රීලංකාවටද ඉදිරි වසරවලදී වැඩි ආදායමක් කරා යෑමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
ජී.එස්.පී. ප්ලස්බදු සහනය හිමිවීම තුළ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අවස්ථාව හිමිවන අතර, මෙරට කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහාද එය උපකාරී වන බවද අමාත්‍යවරයා පවසා සිටියේය. එබැවින් මේවසර තුළ කර්මාන්තශාලා ස්ථාපිත කිරීම වෙනුවෙන් රජය වෙහෙසන බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

